ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ප්‍රකාශයක්

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ප්‍රකාශයක්

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා අඩු බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ඒ නිසා ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.