ලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (03) නිවේදනය කළේය.

ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3,840ක් ලෙසයි.

එමෙන්ම, 5kg සිලින්ඩරය රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,542ක් වන බවයි, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන් කළේ.

Share This