කබ්රාල් ඇතුළු 4දෙනා අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයට දින නියමවේ

කබ්රාල් ඇතුළු 4දෙනා අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයට දින නියමවේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය මැයි මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද දැනුම්දුනි.

2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම මූලික විරෝධතා මතු කර තිබුණි.