වට්සැප් සඳහා නව විශේෂාංගයක්

වට්සැප් සඳහා නව විශේෂාංගයක්

මෙටා ආයතනය විසින් වට්සැප් සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

එය චැනල් (Channel) නමින් නම් කර ඇති අතර, වාර්තාකරණය හරහා පණිවිඩ යැවීමේ ක්‍රමවේදයක් අනුව සකස් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව චැනල් හරහා ලබාදෙන පණිවිඩ අප්ඩේට් (Update) නම් අංගයක් හරහා ලබාගැනීමේ හැකියාව තිබේ.

මීට අමතරව චැනල් ඇඩ්මින් (Channel Admin) හට Text, Photos, Videos, Stickers, Polls වැනි පණිවිඩ යැවිය හැකිය.

වට්සැප් භාවිතා කරන්නන් හට Invite Link එකක් හරහා මෙයට සම්බන්ධ වීමේ හැකියාව හිමි වේ.

එමෙන්ම තමන්ගේ කැමැත්ත අනුව විවිධ වූ චැනල් නිර්මාණය කර ගැනීම සහ ඒවාට සම්බන්ධ වීමට ද අවස්ථාව ලබාදී තිබේ.