ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියෙකු අභිරහස් ලෙස මියයයි

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියෙකු අභිරහස් ලෙස මියයයි

දකුණු කොරියාවේ පොප් ගායකයෙක් හා රංගන ශිල්පියෙකු වන මූන් බින් අභිරහස් ලෙස මියගොස් තිබේ.

සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාල ගායකයාගේ කළමනාකරුට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහු සිදු කළ සොයා බැලීමකට අනුවයි මෙම මරණය පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ.

මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ ව පරීක්ෂණ පවත්වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.

2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

Share This