කාලගුණයෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, ඊයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 – 45 පමණ වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වැඩි විය හැකිය.

මේ හේතුවෙන් ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශ තුළ යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි ද දැනුම් දෙයි.

 

Share This