කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට පස්වරු 5.00 සිට අනිද්දා (08) පෙරවරු 8.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ නිසා අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙස ජනතාව වෙත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.

Share This