පාසල් සිසුවියක් අපයෝජනය කල විදුහල්පතිවරයෙකුට වසර 7ක සිර දඬුවම්

පාසල් සිසුවියක් අපයෝජනය කල විදුහල්පතිවරයෙකුට වසර 7ක සිර දඬුවම්

වසර නවයකට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසලක් තුල බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විදුහල්පතිවරයකු බරපතල වැඩසහිත වසර හතක සිරදඬුවමක් නියමකරන ලෙස මන්නාරම මහධිකරණ විනිසුරු එම්.එම්.මිහාල් මහතා නියෝග කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක් නියමකළ විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේනම් තවත් මාස හයකට සිරදඬුවම දීර්ඝ කරන ලෙසත් නියම කළ අතර අපයෝජනයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් සහ තවත් නියෝග කළේය.

චූදිතයා වන්දිමුදල් නොගෙවීමට අපෝසත් වන්නේනම් තවත් මාස හයකින් සිරදඬුවම දීර්ඝ කිරීමටත් නියම කළේය. එලෙස සිරඳඩුවම් නියමවූයේ මන්නාරම සෙල්වනගර් පදිංචි එස්.විනයාගර්මුර්ති නැමති විදුහල්පතිවරයකුටය.

පසුගිය 2014 සැප්තැම්බර් 23 වැනිදා මන්නාරම සෙල්වනගර් හි පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක පාසල් කාලයෙන් අනතුරුව රඳවාතබාගෙන විදුහල්පතිවරයා විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මාපියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ මන්නාරම පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවටගෙන මන්නාරම අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.