අඹන්පොළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අඹන්පොළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අඹන්පොළ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් සාදය පැවැත්වූ නිවසේ හිමිකරු විසින් සාදයේ සිටි අයෙකුට නිවස ඉදිරිපිට ඉඩමේදී වෙඩිතැබීම සිදුකර ඇත.