හරක් කටාට පැනයන්න උදව් කල කොස්තාපල් සොයන්න පොලිසිය මහජන සහය පතයි

හරක් කටාට පැනයන්න උදව් කල කොස්තාපල් සොයන්න පොලිසිය මහජන සහය පතයි

නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

සිද්ධිය වීම පෙර හරක් කටා විසිකිලිය වෙත ගෙන ගොස් ඇත්තේ මෙම කොස්තාපල්වරයා සමග බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ඉහත සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාගේ – 071-8591747, 071-8594929 යන අංක වෙත දැනුම් දෙන ලෙසට මහජයාගෙන් ඉල්ලා සිටියි.

Share This