කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹ 11,12,13,14 සහ15 යන ප්‍රදේශවලට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, හෙට (04) පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය දන්වා ඇත.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජල ප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Share This