අද වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (03) දිනයේදී තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

නැගෙනහිර පළාතේ සහ යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති වනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This