පස්සර නිවසක් තුළ සැක කටයුතු මරණයක්

පස්සර නිවසක් තුළ සැක කටයුතු මරණයක්

පස්සර පොලිස් බල ප්‍රදේශයට අයත් 13 කණුව ලුණුපීස්සපතන ප්‍රදේශයේ නිවසක තිබි සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් ඊයේ (27) දින පස්වරුවේ හමුවු බව පස්සර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 ක් වන සෙල්වනායගම් නැමැති නිවසේ තනිව ජිවත්ව සිටි අයෙක් බවද පොලිසිය පැවසීය.

මෙම නිවසට ඉහලින් ඇති ජල ධාරාවකින් තම නිවසට ජලය ලබාගෙන ඇති පුද්ගලයෙකුගේ නිවසට ජලය නොපැමිනි බැවින් ඒ පිළිබඳව බැලිමට එම ජල පීල්ලට යන අවස්ථාවේ දි ඔහු විසින් මියගොස් ඇති පුද්ගලයා නිවස තුල ඇතැයි සිතා කතා කලද එයට පිලිතුරක් නොලැබීම නිසා ඔහු නිවසේ දොර ඇර බැලිමේදි ඇද උඩ උඩුකය නිරුවත්ව ඔහු වැටි සිටිනු දැක ඇත.

ඉන් පසුව ඔහු විසින් මේ පිළිබඳව පස්සර පොලිස් ස්ථානය දැනුවත් කිරිමෙන් පසු එහි නිලධාරීන් පැමිණ පරික්ෂා කර බැලිමේදි මෙම පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු වු බව පොලිසිය පැවසිය.

ඒ අනුව, මෙම පුද්ගලයාගේ මියයැම පිලිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට පොලිසිය විසින් කටයුතු කර ඇති අතර පස්සර පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද පොලිසිය පවසයි.

Share This