අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ නාදුනන මළ සිරුරක්

අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ නාදුනන මළ සිරුරක්

අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ තිබී ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද (18) උදෑසන සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ සොයා ගනු ලැබූවේ, වයස අවුරුදු 30ක පමණ නාදුනන තරුණයකුගේ සිරුරක් බවද පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ කකුලක කොටසක් දක්නට නොලැබෙන බවත් හිසට බරපතල තුවාල සිදුව තිබෙන බවත් මෙය දුම්රියේ ගැටී මිය යාමක් නොවන බව ඒ අවස්ථාවේදී ධාවනයවූ දුම්රියේ රියදුරන් පැවසූ බවත් පොලීසිය පවසයි.

මේ තරුණයා ඝාතනය කර දුම්රියට හසුවී මිය ගියේ යැයි පෙන්වීම සදහා මෙම ස්ථානයට ගෙන දමන්න ඇති බවට පොලීසිය සැකකරයි.

මෙසේ හමුවූ තරුණයා මෙම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බව කී ප්‍රදේශවාසීහු මෙය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් එකක් විය හැකි බවද පැවසූහ.