ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බසයක් පෙරළී අයෙක් මරුට – හයක් රෝහලට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බසයක් පෙරළී අයෙක් මරුට – හයක් රෝහලට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් එක් අයෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා තිබේ.

අද (18) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් උමාඔය ව්‍යාපෘතියේ සේවකයන් බවයි, පොලිසිය පැවසුවේ.

රාත්‍රි වැඩ මුරය නිමා කර නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්වී ඇත.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

Share This