බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ වූ සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑලිය පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඇන්ටන්දාස් (32), නාදන් රිටා (32) නැමති අඹුසැමි යුවලක් බවත්, මිට මාස 08 පමණ ප්‍රථම දෙදෙනා විවාහ වී ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වී ඇත.

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි මියගිය අඹුසැමි යුවල සැමියාගේ මව සමග නිවසේ පදිංචිව සිටි බවත්, ඊයේ (07) දින රාත්‍රි 10.30 ට පමණ තම පුතා ලේලියට වෙඩි තැබිමත් සමග අසල්වාසින්ගේ උදව් ඉල්ලා මව නිවසින් පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ සිය පුතාද හිසට වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් ව සිටි බවයි, මියගිය ඇන්ටන්දාස්ගේ මව විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

දේශිය නිෂ්පාදනය කරන ලද ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවත්, මිය ගිය ඇන්ටන්දාස් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කල පුද්ගලයෙකු බවයි, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Share This