දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – හතරකට තුවාල

දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – හතරකට තුවාල

තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේදි දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වි තවත් සිව්දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල රෝහල වෙත (13) දින ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

ගැටුමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වත්තේ පදිංචි ශිවඥාණම් සංජිවන් (22) හැවිරදි එක්දරු පියෙකි.

දිපවාලි උත්සවය සමරමින් සිටි ගැටුමට සම්බන්ධ දෙපිරිසම පැරණි කොන්තරයක් ඉස්මතු කරගනිමින් තලවකැලේ නගරයේදි බහින් බස් විමක් සිදු වි ඇති බවත්, ඉන් අනතුරුව මරණකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් නිවස කරා ගමන් කරමින් සිටියදි පසුපසින් තවත් ත්‍රිරෝද රථයකින් ලුහු බැද පැමිණි පිරිසක් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලදි ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය නතර කර ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස සමග ගැටුමක් ඇති කරගෙන ඇත.

විකට් පොලු සහ තියුණු ආයුධ වලින් මෙම පහරදිම සිදු කර ඇති අතර , පහර කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු සිව්දෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි , බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් තිදෙනෙකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

ගැටුමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලිදුල ප්‍රදේශයේදි ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා තලවකැලේ පොලිසිය වෙත භාර දි ඇති අතර , ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

මියගිය එක්දරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන බවත්, දෙපාර්ශවයම පැමිණි ත්‍රිරෝද රථ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

Share This