තාලීම් සුළි කුණාටුවෙන් දකුණු චීනයට දැඩි බලපෑම්

තාලීම් සුළි කුණාටුවෙන් දකුණු චීනයට දැඩි බලපෑම්

තාලිම් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති බව වාර්තා වේ.

සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සුළි කුණාටුව එරට වේලාවෙන් රාත්‍රී 10:20 ට පමණ ගොඩබිමට ඇතුළු වී ඇති බවත් චීනයේ Guangdong පළාතේ 230,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම තාලිම් සුළි කුණාටුව හේතුවෙන් පවතින දරුණු සුළං සහ වර්ෂාපතනය නිසා ගුවන් ගමන් රැසක් සහ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බවද සඳහන්

මේ අතර කුණාටුව චීනයේ දකුණු වෙරළ තීරය හරහා ඇතුළුවීමෙන් දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි විශ්වාස කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් 30,000 ක් පමණ ඉවත් කරන බව වියට්නාමය ප්‍රකාශ කර තිබෙනවා

සුළි කුණාටුව දකුණු චීන මුහුදේ බෙයිබු බොක්ක දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර අඟහරුවාදා (18) උදෑසන එය Guangxi Zhuang ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශයට ළඟා විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා තිබෙනවා

දකුණු දිග දිවයිනේ හයිනාන් පළාතට මීටර් හයක් දක්වා රළ පහර ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව එරට ප්‍රාදේශීය සමුද්‍ර අනාවැකි මධ්‍යස්ථානය අනතුරු අඟවනවා

Share This