‘සිසු සැරිය’ ගැන නව තීරණයක්

‘සිසු සැරිය’ ගැන නව තීරණයක්

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මින් ඉදිරියට මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා පවසයි.

මේ වනවිටත් දිවයිනේ සෑම ඩිපෝ අධිකාරිවරයකුම මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් නිවැරැදි පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත රියැදුරන් සහ රිය සහායකවරුන් ඒ සඳහා යෙදවීමට උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම කීවේය.

තවද එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රියැදුරන්ට නිසි පුහුණුවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

තරුණ වියේ පසුවන ඇතැම් රියැදුරන් වගකීම් විරහිත ලෙස රිය ධාවනය කරනු ලබන අවස්ථා පසුගිය කාලසීමාවේදී නිරීක්ෂණය වූ බැවින් දරුවන්ගේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව ලබාදී මෙවැනි තීරණයකට පැමිණි බව ද ඔහු සඳහන් කළේය.

සිසු සැරිය’ සඳහා යොදා ගන්නා බස්රථ නඩත්තු කිරීමේදී මෙන්ම රිය ධාවනයේදී ද දැඩි ආරක්ෂක පියවර දැනටමත් ක්‍රියාත්මක වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.