web hit counter
බලන්ගොඩ – කතරගම මාර්ගයේ යන අයට දැනුම්දීමක්

බලන්ගොඩ – කතරගම මාර්ගයේ යන අයට දැනුම්දීමක්

බලන්ගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයට කල්තොට, නවනැලිය ප්‍රදේශයේ දී අද (31) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

එම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම මාර්ග භාවිතා කරන රියදුරන්ට කල්තොට පොලීසිය දැනුම්දෙයි.

 

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )