සෞඛ්‍ය ඇමති සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය ඇමති සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (01) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැැත්වීමට නියමිතයි.

ඒ, දීමනා වැඩි කිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහාය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ කමිටුව සකස් කළ නිර්දේශ සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට නියමිත බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගියදා දීප ව්‍යාප්තව වැඩ වර්ජනයකද නිරත විය.