දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

‍වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් දුන්නද එය ප්‍රමාණවත් නොවන බැවින් වන්දි මුදල ඉහළ දැමිය යුතු බවද මහින්ද අමරවිර මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.

උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපි උපදෙස් ලබාදුන්නා වහාම මේ නියඟය නිසා හානියට පත්වෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතුවලට ප්‍රවේශවෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබාදෙන්න. අපිට දැනට දෙන්න පුළුවන් වෙන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්. නමුත් සමහර ප්‍රදේශවල තත්ත්වය ඊට වඩා වෙනස්. අපි උත්සාහයක් දරනවා. නමුත් අපි දැනට ලක්ෂයක් ලබාදෙන්න කටයුතු කරනවා. සමහර ප්‍රදේශවලට ඒක ප්‍රමාණවත් නෑ. ඒක වැඩිකරලා දෙන්න අපි අවධානය යොමුකරලා තියෙනවා.”

Share This