සිංගප්පූරුවේදී සිය බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට

සිංගප්පූරුවේදී සිය බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට

තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පොලිසියට දැනුම්දීමෙන් පසු කළ ශ්‍රී ලාංකිකයෙක් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලිසිය අද (11) පියවර ගෙන තිබේ.

චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය (CNA) වාර්තා කර ඇත්තේ, එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ කැටොන්ග් චතුරස්‍රයේ හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් (Holiday Inn Express) හෝටලයේදී ඝාතනය කර ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ, දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි නමැති 32 හැවිරිදි කාන්තාවකි.

සැප්තැම්බර් 9 වැනි දින පෙරවරු 10.45 සිට පස්වරු 4.42 දක්වා කාලය තුලදී අදාළ මරණය සිදු කර ඇති බවට තරුණයා චෝදනාවට ලක්ව සිටියි.

විත්තිකරු නීතීඥවරයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයෙකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් මේ අවස්ථාවේදී කිසිවෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව දන්වා ඇත.

පොලිසියට අනුව, විත්තිකරු සෙනසුරාදා සවස 5.05 ට පමණ මැරීන් පෙරඩ් අසල්වැසි පොලිස් මධ්‍යස්ථානයට ගොස් හෝටලයේදී තම බිරිඳ ඝාතනය කළ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැමිණෙන විට 32 හැවිරිදි කාන්තාව හෝටල් කාමරයක කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටියදී සොයා ගෙන ඇත. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවසේ.

සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයා ගෙන තිබේ.

සැකකරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

සැප්තැම්බර් 18 වැනිදා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඝාතනයට වැරදිකරු වුවහොත් සැකකරුට මරණ දණ්ඩනය හිමිවන බව අදාළ වෙබ් අඩවිය වාර්තා කළේය.

 

Share This