පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද (14) සමත්විය.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රෝදයන්ට වෙඩිතබා රථය නතරකර ගැනීමට පොලීසිය සමත්වූ බවය.

මෙම මෙහෙයුමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී ඇති අතර පොලීසිය සඳහන් කළේ අදාළ ටිපර් රථය පොලිස් නිලධාරීන් අනතුරට පත්කරගෙන යෑමට උත්සාහ කළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.