රංටැඹේ ශිෂ්‍ය භට කඳවුරේ ගැටුමකින් සිසුන් 17ක් රෝහලට

රංටැඹේ ශිෂ්‍ය භට කඳවුරේ ගැටුමකින් සිසුන් 17ක් රෝහලට

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රෝහල අද (21) ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසයි .

ඇතුලත් කරනු ලැබ සිටින සියලු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරිම් වලින් අනතුරුව ‌රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල් වල දරුවන් බව පැවසේ.