ගාලු පාර කළුතර පාලම අසලින් අවහිර වෙයි

ගාලු පාර කළුතර පාලම අසලින් අවහිර වෙයි

කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී ඇතැයි වාර්තා වේ.

ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර, මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.