කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි

කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි

අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ.

ඒ අනුව, අදාළ සුන්බුන් මෙම දොඹකරය මගින් ඇඳගෙන යාම සිදු කෙරේ.

මේ අතර, එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම්ද මේ වන විට අත්හිටුවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බව වාර්තා වේ.

පාලම යථාතත්ත්වයට පත්කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් නීල් පවසා ඇත්තේ, “එය නිසැකවම ඉතිහාසයේ විශාලතම සමුද්‍ර අලාභයක් වනු ඇතැයි මම කියමි” යනුවෙනි.

මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, මෙම සිද්ධියෙන් කඩාවැටුණු පාලම බැලීමට සහ අදාළ බලධාරීන් සමඟ කතා කිරීමට තමා ලබන සතියේ බැල්ටිමෝර් වෙත යන බවයි.

Share This