“රොක් ඇන්ඩ් රෝල් රැජින” දිවියෙන් සමුගනී

“රොක් ඇන්ඩ් රෝල් රැජින” දිවියෙන් සමුගනී

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙස ජනප්‍රියත්වට පත් ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවුණි.

ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ.

1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබීය.

ගායනයට අමතරව ඇය රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණි.

1980 ගණන්වල “What’s Love Got To Do With it”, “Private Dancer වැනි විශාල ජයග්‍රහණ ලබා ගත් ඇයගේ “The Best, ඇස්තමේන්තුගත ඇල්බම මිලියන 180ක් ලොව පුරා අලෙවි වී තිබීමද විශේෂත්වයක්.

Grammy සම්මාන 12ක් දිනා ගැනීමටද මෙම අසහාය තාරකාව සමත්ව තිබේ.

Tina Turner dead: Mick Jagger, Ciara pay tribute to singer - Los Angeles  Times

Tina Turner Dies at the Age of 83: Remembering the Rock 'n' Roll Icon

Share This