උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර සැපයීම ගැන දැනුම්දීමක්

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර සැපයීම ගැන දැනුම්දීමක්

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ක‍ළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය.

මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බවය.