මහියංගණය – වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ගඟට පනී

මහියංගණය – වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ගඟට පනී

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් ඊයේ (29) රාත්‍රියේ තරුණියක් ගඟට පැන තිබේ.

එහි දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ඊයේ රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය දැක ඇයව අල්ලාගැනීමට තරුණයින් පිරිසක් ඈ වෙත දිවයද්දී එකවර ඇය පාලමෙන් පැන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, එලෙස පැන්න තරුණිය වැටී ඇත්තේ පාලම යට පිහිටි ගොඩබිම් ප්‍රදේශයකට බව වාර්තාවේ.

මෙම තරුණිය ගඟට පැනීම සඳහා පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථනය පාලම මත තිබියදී සොයාගෙන තිබේ.

අනතුරුව මහියංගණ පොලිසියේ නිළධාරීන් පැමිණ එලෙස සොයාගත් ජංගම දුරකථනයේ දුරකථන අංක පරික්ෂා කර ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දී සිදු වූ සිද්ධිය පිළිබඳව දැනුම්දී ඇත.

මෙලෙස පාලම මතින් පැන ඇත්තේ මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් වන අතර ඇය යම් මානසික ආබාධයකින් පෙළෙන තරුණියක් වන බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත්, රෝහල වෙත ඇතුළත් කළ එම තරුණියගේ එක් අතකට හානි සිදු වී ඇති අතර ඇයට සිදු වු වෙනත් හානි පිළිබද වෛද්‍යවරුන්ගේ පරික්ෂාවලින් අනතුරුව පැවසිය හැකි බවයි, රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ.

Share This