රතු මුහුදේ සන්නිවේදන කේබල් කේබල් 4කට හානි – මැද පෙරදිග සන්නිවේදන ජාල වලට බාධා

රතු මුහුදේ සන්නිවේදන කේබල් කේබල් 4කට හානි – මැද පෙරදිග සන්නිවේදන ජාල වලට බාධා

ආසියාව සහ යුරෝපය අතර සිදුවන දත්ත ගමනාගමනයෙන් 25%කට බලපාන රතු මුහුදේ දිය යට ඇති සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති හෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාල වලට බාධා සිදුව තිබෙන බව ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපදයේ අදාල නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

හොංකොං පදනම් කරගත් HGC Global Communications පවසා තිබුනේ කේබල් 15 න් 4 ක් කපා හැරීමට ලක්ව ඇති බවයි.

මෙම තත්වය ඇති වීමට හේතුව තවමත් පැහැදිලි වී නැති අතර මෙම රැහැන් හිතාමතාම කපා දැමුවාද නැත්තම් නෞකාවක නැංගුරමක් මගින් ඇද ගැනීමට ලක්ව තිබෙනවාද යන්න සොයා බැලීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

බලපෑමට ලක් වූ කේබල් වන්නේ Seacom, TGN, AAE-1 සහ EIG ය. කෙසේ වෙතත් එය මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සටහන් කරනු ඇති බව හොංකොං පදනම් කරගත් ටෙලිකොම් සමාගම පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනා.

2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි.

මේවා නඩත්තුව සඳහා මෑත වසර වලදී ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇමේසන් සහ ෆේස්බුක් මෙටා වැනි අන්තර්ජාල දැවැන්තයින් විසින් මේ සදහා අරමුදල් සපයනු ලබනවා.

මේ ආකාරයට රතු මුහුදේ කේබල් විනාශ වීම සිදු වී තිබුනේ හූති කැරලිකරුවන් කේබල් ඉලක්ක කර ගැනීමේ හැකියාව පිළිබඳව යේමන රජය මගින් නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර සති කිහිපයකට පසුව වීම විදෙස් මාධ්‍ය අවධානයට ලක්කර තිබෙනවා.

Share This