සාමණේර හිමිනමකට ලිංගික හිංසන කල විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

සාමණේර හිමිනමකට ලිංගික හිංසන කල විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සූරියවැව – රන්මුදුවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම බවටයි වාර්තා වන්නේ.

විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බවයි චොදනා එල්ල වී ඇත්තේ.

ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවයි අනවරණය වී ඇත්තේ.

මේ වන විටවිට හම්බන්තොට මහා අධිකරණය හමුවේ බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද අදාළ හිමිනමර එරෙහිව විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම අද (19) දින හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.