මුවෙක් මරා මස් කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

මුවෙක් මරා මස් කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

පනහඩුව සහ මව් ආර අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හම්බෙගමුව බලහරුව ප්‍රදේශයේ ඊයේ (18) සිදු කළ වැටලීමකදී නිවසක මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී ඝාතනය කල මුවෙකුගේ මල සිරුරක්, පොරවක් සහ කැත්තක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බලහරුව ප්‍රදේශයේම පදිංචි අයෙකු බවයි, වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මෙම වැටලීම සඳහා පනහඩුව සහ මව් ආර අඩවි ආරක්ෂක කාර්යාලයේ, උදිත් විදුරංග, අරුණ චින්තක, කේ.ඒ.අජිත්, ඩී .ඒ දර්ශන සහ බුද්ධික යන නිලධාරීන් එක්ව තිබේ.