ජනපති ඉන්දුනීසියාවට

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ අනුව, ජනාධිපතිවරයා මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 20 වන දින පැවැත්වෙන රැස්වීමේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත වේ