ඛනිජ තෙල් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඛනිජ තෙල් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ.

උවයිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දැනුම් දී තිබේ.

මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවයි අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.