ආසියානු රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද ඇරඹේ

ආසියානු රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද ඇරඹේ

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්තානය, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණු ලබන්නේ සුහිරු ඇන්තනි විසින්.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත් වීමට නියමිතයි.

පළමු තරගය කටාර් සහ කසකස්තාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

Share This