අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් රටින් පනින්න යද්දී මාට්ටු

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් රටින් පනින්න යද්දී මාට්ටු

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකරු නො. 214/එස්, දෙලිගහවත්ත, අංගොඩ, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි 47 හැවිරිදි අයෙකු වේ.

මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත්, ඉකුත් 19 වනදා මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා සිට ඇති බවද අනාවරණය වී ඇත.

සැකකරු 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.

Share This