බැසිල් – ලන්සා හාද කරන්න රනිල්ගෙන් කපුකමක්

බැසිල් – ලන්සා හාද කරන්න රනිල්ගෙන් කපුකමක්

දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකේදීම නිමල් ලන්සා ඇතුළු පිරිස ඊට සහභාගී නොවී වර්ජනය කරනු ලැබ තිබේ.

බැසිල් රාජපක්ෂ සහභාගී වන කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවන බවට නිමල් ලන්සා පැවසීම ඊට හේතුව වී තිබේ.

මෙම තත්වය හමුවේ එක්සත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු පිරිස සහ බැසිල් රාජපක්ෂ එක සාකච්ඡා මේසයකට ගෙන ඒමේ අතරමැදියෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් එකතු කිරීමේ සාකච්ඡා යම් ප්‍රගතියක් ලබා තිබෙන බවත් නිමල් ලන්සා ඇතුළු පිරිස නැවත මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රී නිමල් ලංසා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය විසින් එය ඉදිරිපත් කර ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති බවටයි ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙන්නේ.

එහි දී බැසිල් රාජපක්ෂ මහතා හමුවිය හැකි බවත් තම දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බවත් නිමල් ලංසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බව පැවසේ.