ඩොලරය එකවරම ඉහළ යයි

ඩොලරය එකවරම ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.76 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 291.52ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.95 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 292.57 – රු. 302.48

කොමර්ෂල් බැංකුවේ – රු. 291.74 – රු. 301.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.50 – රු. 301.50

සෙලාන් බැංකුව – රු. 291.25 – රු. 301.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50

එන්.ඩී.බී. (NDB) – රු. 291.50 – රු. 302.50

අමානා බැංකුව – රු. 292.25 – රු.300.75

ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25

Share This