මාව මහ පාරේ මරල දැම්මොත් ඒකට ජනාධිපතිතුමයි සාගලයි වගකියන්න ඕනේ

මාව මහ පාරේ මරල දැම්මොත් ඒකට ජනාධිපතිතුමයි සාගලයි වගකියන්න ඕනේ

උද්ගතව ඇති තත්ත්වය තුළ, තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමාගේ ජීවිතය අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි.

එහි දී අමාත්‍යවරයා පවසා සිටියේ, “මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්.

මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.” යනුවෙන්.

Share This