web hit counter
ජර්මනියේ ගුවන් යානා ගල්වෙයි

ජර්මනියේ ගුවන් යානා ගල්වෙයි

ජර්මනියේ මේ දිනවල සිදුවන අධික හිම පතනය හේතුවෙන් මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ජර්මනියේ මෙම අසාමාන්‍ය හිම පතනය නිසා ගුවන් යානයක් ධාවන පථයේ සිරවී තිබෙන අයුරු ද දක්නට ලැබුණි.

එය මුළු ලෝකයේම අවධානය දිනාගත් සිද්ධියක් බවට පත් වී තිබේ.

සමහර බස් සහ දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් ප්‍රවාහන ක්‍රම ද අධික හිමපතනය හේතුවෙන් අත්හිටුවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )