අත්ඔරලෝසුවෙන් කුඩු ඇද්ද අයෙක් අත්අඩංගුවට

අත්ඔරලෝසුවෙන් කුඩු ඇද්ද අයෙක් අත්අඩංගුවට

බැඳ සිටින අත් ඔරලෝසුව තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව මොරගහහේන කියයි

ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි

සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මේ ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශ වලට බෙදා හැර ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වි ඇත

සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක කළමනාකරු ලෙස සේවය කරන්නෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය