උත්සව සමයේ අමුත්තන් හමුවෙන්න බන්ධනාගාර රැඳවියන්ට විශේෂ දින 3ක්

උත්සව සමයේ අමුත්තන් හමුවෙන්න බන්ධනාගාර රැඳවියන්ට විශේෂ දින 3ක්

රාමසාන් දිනය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ දින 3ක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහනක් 11 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසීය.

එමෙන්ම, 12 හා 13 යන දිනවල සෙසු රැඳවියන්ටත් අමුත්තන් බැලීම සඳහා අවස්ථාව සලසා දෙන බවයි, දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

‍රැඳවියන්ගේ ඥාතින්ට නිවසින් රැගෙන එන ආහාර, රස කැවිලි, සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු සලසා ඇති බව ද පවසා සිටියේය.

Share This