QR කේත ක්‍රමය නොසලකා හැරි පිරවුම් හල් 40ක බලපත්‍ර අත්හිටුවීමේ තීරණයක්

QR කේත ක්‍රමය නොසලකා හැරි පිරවුම් හල් 40ක බලපත්‍ර අත්හිටුවීමේ තීරණයක්

ඉන්ධන බලපත්‍ර QR කෝටාවට අනුකූලව අඛණ්ඩව ඉන්ධන ලබා නොදුන් පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) කළමනාකාරීත්වය සහ නිලධාරීන් සමඟ අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල් වල ටැංකි ධාරිතාවෙන් 50%ක් වත් ඉන්ධන තොග පවත්වා ගත යුතු බවට ද තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් 15 වනදා වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන ප්‍රවාහන රථ සඳහා GPS පද්ධති සවි කර ඉන් අනතුරුව සියලුම පෞද්ගලික ටැංකි සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Share This