හිටපු ජනපති සතියක් ඇතුලත මරණ බවට තර්ජනය කල හමුදා සෙබළාට උන දේ

හිටපු ජනපති සතියක් ඇතුලත මරණ බවට තර්ජනය කල හමුදා සෙබළාට උන දේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

හොරපාවිට බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචි සැකකරු රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය

Share This