නතාෂාගේ මෝඩ චූන්වලට උඩගෙඩි දුන් අයත් සොයා විමර්ශන.

නතාෂාගේ මෝඩ චූන්වලට උඩගෙඩි දුන් අයත් සොයා විමර්ශන.

නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් සිදුකරන අවස්ථාවේ දී එම ප්‍රකාශයන්ට සිනාසෙමින් එහි රැඳී සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එවැනි ප්‍රකාශයන් සිදුකිරීම සඳහා ඇයට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අනාවරණය කරගැනීමට ද විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පුද්ගලයින් අත්අඩංගුවට පත්වනු ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර නතාෂා එදිරිසූරිය නැමැත්තිය අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මේ වනවිටත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එමෙන්ම පෙරේදා (27) රාත්‍රියේ දී රටින් පිටවීමට යෑමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, අදාළ තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුව ඊයේ (28) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.