බස්නාහිර සහ සබරගමුවට අද වැසි ස්වල්පයක්

බස්නාහිර සහ සබරගමුවට අද වැසි ස්වල්පයක්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (18) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද අද දිනයේ වැසි ස්වල්පයක් ඇති හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව් දන්වා සිටිනවා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )