බදුල්ල මහ රෝහලට කෝටි 7ක ලයිට් බිලක් – අංශ තුනක විදුලිය කපයි

බදුල්ල මහ රෝහලට කෝටි 7ක ලයිට් බිලක් – අංශ තුනක විදුලිය කපයි

කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

රෝහලෙන් අයවිය යුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගත් බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ මෙසේ විදුලිය විසන්ධිකර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවිමට ඉඩ ඇති බව ද පැවසේ.

Share This