මිලියන 80ක ගංජා – අබින් තොගයක් අත්අඩංගුවට

මිලියන 80ක ගංජා – අබින් තොගයක් අත්අඩංගුවට

යාපනය පේදුරුතුඩුව,වල්ලිපුරම් වෙරලේ සඟවා තිබූ රුපියල් මිලියන 80ක් පමණ වටිනාකමින් යුත් අබින් කිලෝ 48 ක් හා කේරළ ගංජා කිලෝ 112 ක් සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.

වල්ලිපුමරම් වෙරලේ කැළැ රොදක සූක්ෂම ලෙස අබින් තොගය හා කේරළ ගංජා තොගය සඟවා තිබියදී සොයාගත් බවත් වැටලීම සිදුකරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය රැගෙන අ‍ා සැකකරුවන් පළාගොස් සිටි බවද පොලිසිය සඳහන් කළේය.

විශාල පොලිතින් උර තුනක් තුළ අබින් කිලෝ48 සහ කේරළ ගංජා කිලෝ 28 තිබී අ‍ැති අතර තවත් ස්ථානයක පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුරටත කළ සෝදිසියකදී කේරළ ගංජා කිලෝ 84 ක් සොයාගත් බවත් පැවසේ.

Share This