හෂීෂ් කිලෝ 35ක් ඔරුගොඩවත්ත රේගු පර්යන්තයෙන් හමුවෙයි

හෂීෂ් කිලෝ 35ක් ඔරුගොඩවත්ත රේගු පර්යන්තයෙන් හමුවෙයි

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ පාර්සලයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35ක් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.